සේවාවන්


දෙපාර්තමේන්තුවේ සේවාවන්

  • අනාථ, අත්හළ හා අසරණ ළමුන්ගේ භාරය හා ආරක්ෂාව උදෙසා ළමා නිවාසගත කර අනාගතය සුරක්ෂිත කිරීම.
  • වැරදිවලට පෙළඹුණු ළමුන් සහතික කළ පාසල්ගත කිරීම මගින් පුනරුත්ථාපනය කිරීම.
  • ළමා මව්වරුන් ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම හා පුනරුත්ථාපනය කිරීම.
  • අවිවාහක මව්වරුන්ගේ දරුවන් රැකබලා ගැනීම හා පෝෂණය කිරීම.
  • ළමා මෙහෙකාර සේවය පිටු දැකීම.
  • වීදි ළමුන් සුරක්ෂිත කිරීම, අධ්‍යාපනය ලබා දීම හා පුනරුත්ථාපනය කිරීම.
  • විධිමත් අධ්‍යාපනයට යොමු නොවු හා අධ්‍යාපනය අතරමඟ නතර වූ ළමුන් පාසලට යොමු කිරීම හා නැවත පාසල්ගත කිරීම.
  • ළමා අපචාර හා අපයෝජන වැළැක්වීමට නිසි මඟ පෙන්වීම.

පරිවාස කාර්යාලවලින් ඉටුවන සේවාව

  1. නීති විරෝධි ක්‍රියාවන්ට හසුවූ, අපයෝජනයට පත්, හිංසාවට ලක්වූ හා භාරය ආරක්ෂාව අවශ්‍ය දරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කිරීම.
  2. අධිකරණය පනවන පසුභාර, පරිවාස, පරිලෝචන, විවිධ අධික්ෂණ නියෝග නිසිලෙස ක්‍රියාත්මක කිරීම.
  3. පරිවාස අධික්ෂණයට යටත් කළ වැඩිහිටියන් නිසිලෙස අධික්ෂණය කිරීම.
  4. දරුවන් හදාවඩා ගැනිමට අදාළව දිසා අධිකරණ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
  5. කාර්යාලය වෙත ලැබෙන පෙත්සම්, ඉල්ලීම්, නිර්නාමික දුරකථන ඇමතුම් විමර්ශනය කර වාර්තා සැපයිම.
  6. කාර්යාල බල ප්‍රදේශයට අයත් ස්වේච්ජා ළමා නිවාස හා දෙපාර්තමේන්තුවේ ආයතන අධික්ෂණය කිරිම.
  7. පොලීසිය හා රෝහල් සමඟ එක්ව හිංසාවට පත් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරිම.
  8. මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන් සම්බධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, පොලීසිය සමඟ එක්ව කටයුතු කිරිම.
  9. අධිකරණය යොමුකරන පවුල් ආරවුල් හා නඩත්තු නඩු සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා අධිකරණයට සැපයිම.
  10. ළමා අපචාර, අපයෝජන, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ප්‍රජාව, පාසල් දරුවන්, ප්‍රජා නායකයින් දැනුවත් කිරිම.
  11. යුනිසෙෆ් හා ප්ලැන් ශ්‍රී ලංකා ආයතන දෙපාර්තමේන්තුව යටතේ කරනු ලබන වැඩසටහන් පැවැත්වීම.