ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ නිල අන්තර්ජාල බිහිදොර වෙත
සාදරයෙන් පිළිගනිමු ..!
අප ගැන
13 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය අනුව 1989 වර්ෂයේ පළාත් සභා ස්ථාපිත වීමත් සමග ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ඒ අනුව එතෙක් මධ්‍යම ආණ්ඩුව යටතේ වූ පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය පිළිබඳ බලතල ඌව පළාත් සභාව වෙත විමධ්‍යගත කරන ලදී. ඒ අනුව මුල් වකවානුවේ පරිපාලන බලතල පමණක් ලබා දුන් අතර ක‍්‍රමිකව මූල්‍ය බලතල ද පවරා දෙන ලදී. මේ වන විට ඌව පළාත් සභාව තුළ පරිවාස හා ළමාරක්ෂක විෂය පිළිබඳ පුළුල් බලතල ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් විසින් දරනු ඇත.
දැක්ම
සතුට, සුවය හා ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඌව පළාත තුළ ඇති කිරීම
මෙහෙවර
ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම හා සමාන අවස්ථාව ලබාදිම තුළින් දරුවන් සඳහා දිප්තිමත් අනාගතයක් සහතික කරමින් සතුට, සුවය, ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඇති කිරීම හා ඔවුන් ඌව පළාතේ සංවර්ධනයට දායක කර ගැනීම.