දරුවකු හදාවඩා ගැනීමට

දරුවකු හදාවඩා ගැනීමට ඉල්ලුම් කිරීමේදී ඉදිරිපත් කළ යුතු ලේඛන හා උපදෙස්

  • නීත්‍යානුකූල විවාහක, දරුවන් නොමැති යුවලකට දරුවකු හදා වඩා ගැනීම සදහා පරිවාස හා ළමාරක්ෂකසේවා දෙපාර්තමේනතුවෙන් ඉල්ලා සිටිය හැකියි.
  • එහිදී පහත සදහන් ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
    • ඉල්ලීමේ ලිපියක් (දෙදෙනාම අත්සන් කළ)
    • විවාහ සහතිකය
    • දෙදෙනොගේම උප්පැන්න සහතික
    • දෙදෙනොගේම ජාතික හැදුනුම්පත්
    • වෛද්‍ය වාර්තා
    • පදිංචිය සහතික කිරීමට ග්‍රාම නිලධාරි සහතිකයක්
    • ආදායම තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන
      • දරුවන් හදා වඩා ගැනීමට ඉල්ලීම් ලියාපදිංචි කිරීමේදී වයස සැළකිල්ලට ගනු ලැබේ. වයස අවුරුදු 45 ක් ඉක්මවු අය ලියාපදිංචි කරනු නොලැබේ.
      • එමෙන්ම වයස අවුරුදු 45 ඉක්මවූ අයට වයස අවුරුදු 01 ට අඩු දරුවන් නිදහස් කරනු නොලැබේ.
      • ලියාපදිංචි කිරීමෙන් පසු පළාත් පරිවාස කොමසාරිස් විසින් වසරක කාලයක් සදහා බල පත්‍රයක් නිකුත් කරන අතර, එම කාලය තුළ දරුවකු නිදහස් කර ගැනිමට නොහැකි වන්නේනම් වසරකින් පසු තවත් වසරක කාලයක් සදහා බල පත්‍ර කාලය දීර්ඝ කරගත හැක.
      • ලියාපදිංචි වූ පසු බණ්ඩාරවෙල සුජාතා සෙවණ රජයේ භාර ගැනීමේ ළමා නිවාසයට ගොස් දරුවන් තෝරා ගැනීමට කටයුතු කළ යුතුයි.
      • දරුවන් නිදහස් කිරීමේදී කුලවැද්දුම් නඩුවක් ගොනු කිරීම අනිවාර්ය වේ.
      • එහිදී, ඉල්ලුම් කරුවන්ගේ ස්ථිර පදිංදි බල ප්‍රදේශයේ දිසා අධිකරණයක හෝ දරුවා පදිංචිව සිටින බල ප්‍රදේශයේ දිසා අධිකරණයක කුලවැද්දුම් නඩුවක් ගොනු කළ යුතුවේ.
      • දරුවා නමින් පිළිගත් රජයේ බැංකුවක ගිණුමක් ආරම්භ කළ යුතු අතර, එහි රුපියල් 25,000.00ක මුදලක් තැන්පත් කිරිම අනිවාර්ය වේ. ඉන් අනතුරුව රුපියල් 500.00 බැගින් මාසිකව තැන්පත් කිරීම අනිවාර්ය වේ.
      • ඔබ තෝරාගත් දරුවා පළමු නඩුවාරයේදී අතුරු නියෝගයක් මඟින් ඔබට නිදහස් කිරීමට පියවර ගන්නා අතර ඉන් අනතුරුව අදාළ පරිවාස නිලධාරි මගින් අධිකරණයට නිර්දේශිත වාර්තා ඉදිරිපත් කරනු ලැබේ.
      • ඔබ තෝරාගත් දරුවාගේ ජාතිය, කුලය, ආගම හා උපන් වේලාව පිළිබද විස්තර ඉදිරිපත් කිරීමට ඇතැම් අවස්ථාවන් වලදි නොහැකි වේ.
      • දරුවා හදා වඩා ගැනීමේ වගකීම ඔබ සතුවන අතර, අවශ්‍ය සෑම අවස්ථාවකම ඉල්ලා සිටින වාර්තා හා පරිවාස නිලධාරි ඉදිරියේ පෙනී සිටීම අනිවාර්ය වේ.