කාර්‍යභාරය


  • මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් යොමු වන නඩු පිළිබඳ සමාජ වාර්තා ඉදිරිපත් කිරීම.
  • වරදකරුවන් පරිවාස භාරයේ තැබීම, පරිවාස ආඥා පනත, ළමයින් හා යෞවනයින් පිළිබඳ ආඥා පනත, දරු කමට හදාවඩා ගැනීමේ ආඥා පනත, තරුණ වරදකරුවන් පිළිබඳ ආඥා පනත, ස්වේච්ඡා ළමා නිවාස ආඥා පනත, ලංකා දණ්ඩ නීති සංග‍්‍රහය ප‍්‍රධානව ආඥා පනත් අනුව අධිකරණ සහායක නිලධාරීන් ලෙස කටයුතු කිරීම.
  • අනිවාර්යය අධ්‍යාපන පනත හා එම කමිටු වල නිලතල දැරීම හා ඒ හා සම්බන්ධ කටයුතු වල නිරත වීම.
  • අධිකරණයට යොමු වන අපචාරවලට ලක් වූ ළමුන් ආයතනගතව හා සමාජගතව පුනරුත්ථාපනය කිරීම.
  • භාරය හා ආරක්ෂාව අවශ්‍ය වන ළමුන් සම්බන්ධව කටයුතු කිරීම.
  • පවුල් පරිසරය බිඳ වැටීමකට ලක් වීම මත ළමුන් අනාරක්ෂිත වූ අවස්ථාවන්හි දී පවුල සුරක්ෂිත කිරීම සඳහා උපදේශන සේවාවන් ලබා දීම.
  • යටත් කාර්යාල වල පරිපාලන කටයුතු සිදු කිරීම.
  • ස්වේච්ඡා ළමා නිවාස ලියාපදිංචි කිරීම.
  • දිවා සුරැකුම් මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම, අධීක්ෂණය හා ආධාර ලබා දීම.