අපගැන


දැක්ම 

සතුට, සුවය හා ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඌව පළාත තුළ ඇති කිරීම

මෙහෙවර

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා සමාන අවස්ථා ලබාදීම තුළින් දරුවන් සඳහා දීප්තිමත් අනාගතයක් සහතික කරමින් සතුටල සුවයල ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඇති කිරීම හා ඔවුන් ඌව පළාතේ සංවර්ධනයට දායක කිරීම.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අරමුණු

  • ඌව පළාත තුළ අනාථ, අත්හළ, අසරණ දරුවන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමට දෙපාර්තමේන්තුව මැදිහත් වීම.
  • නීතිමය  ගැටළුවලට ලක් වූ දරුවන්ට උපදේශන ලබා දීම.
  • දරුවන්ගේ අධ්‍යාපන හා සුභ සාධන කටයුතු පවත්වාගෙන යාම.
  • වාර්ෂික සංවර්ධන සැළැස්ම සකස් කිරීම.
  • වාර්ෂික ක්‍රියාත්මක සැළැස්ම මෙහෙයවීම.
  • කාලානුරූපව මූල්‍ය තොරතුරු සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
  • මනා අභ්‍යන්තර පාලන ක්‍රමයක් ඇති කිරිම හා පාලනය කිරීම.
  • දෙපාර්තමේන්තුව සතු වත්කම් ආරක්ෂා කිරීම.
  • සේවක අභිප්‍රේරණය.
  • දත්ත රැස් කිරිම හා විශ්ලේෂණය.
  • දරුවන් වෙනුවෙන් වාර්ෂිකව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම (ළමා දිනය/අවුරුදු උත්සව).

 

13 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය අනුව 1989 වර්ෂයේ පළාත් සභා ස්ථාපිත වීමත් සමග ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ඒ අනුව එතෙක් මධ්‍යම ආණ්ඩුව යටතේ වූ පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය පිළිබඳ බලතල ඌව පළාත් සභාව වෙත විමධ්‍යගත කරන ලදී. ඒ අනුව මුල් වකවානුවේ පරිපාලන බලතල පමණක් ලබා දුන් අතර ක‍්‍රමිකව මූල්‍ය බලතල ද පවරා දෙන ලදී. මේ වන විට ඌව පළාත් සභාව තුළ පරිවාස හා ළමාරක්ෂක විෂය පිළිබඳ පුළුල් බලතල ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් විසින් දරනු ඇත.