දෙපාර්තමේන්තුවේ සේවාවන්
- අනාථ, අත්හළ හා අසරණ ළමුන්ගේ භාරය හා ආරක්ෂාව උදෙසා ළමා නිවාසගත කර අනාගතය සුරක්ෂිත කිරීම.
- වැරදිවලට පෙළඹුණු ළමුන් සහතික කළ පාසල්ගත කිරීම මගින් පුනරුත්ථාපනය කිරීම.
- ළමා මව්වරුන් ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම හා පුනරුත්ථාපනය කිරීම.
- අවිවාහක මව්වරුන්ගේ දරුවන් රැකබලා ගැනීම හා පෝෂණය කිරීම.
- ළමා මෙහෙකාර සේවය පිටු දැකීම.
- වීදි ළමුන් සුරක්ෂිත කිරීම, අධ්‍යාපනය ලබා දීම හා පුනරුත්ථාපනය කිරීම.
- විධිමත් අධ්‍යාපනයට යොමු නොවු හා අධ්‍යාපනය අතරමඟ නතර වූ ළමුන් පාසලට යොමු කිරීම හා නැවත පාසල්ගත කිරීම.
- ළමා අපචාර හා අපයෝජන වැළැක්වීමට නිසි මඟ පෙන්වීම.
පරිවාස කාර්යාලවලින් ඉටුවන සේවාව
- නීති විරෝධි ක්‍රියාවන්ට හසුවූ, අපයෝජනයට පත්, හිංසාවට ලක්වූ හා භාරය ආරක්ෂාව අවශ්‍ය දරුවන් සම්බන්ධයෙන් විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කිරීම.
- අධිකරණය පනවන පසුභාර, පරිවාස, පරිලෝචන, විවිධ අධික්ෂණ නියෝග නිසිලෙස ක්‍රියාත්මක කිරීම.
- පරිවාස අධික්ෂණයට යටත් කළ වැඩිහිටියන් නිසිලෙස අධික්ෂණය කිරීම.
- දරුවන් හදාවඩා ගැනිමට අදාළව දිසා අධිකරණ වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම.
- කාර්යාලය වෙත ලැබෙන පෙත්සම්, ඉල්ලීම්, නිර්නාමික දුරකථන ඇමතුම් විමර්ශනය කර වාර්තා සැපයිම.
- කාර්යාල බල ප්‍රදේශයට අයත් ස්වේච්ජා ළමා නිවාස හා දෙපාර්තමේන්තුවේ ආයතන අධික්ෂණය කිරිම.
- පොලීසිය හා රෝහල් සමඟ එක්ව හිංසාවට පත් දරුවන් සම්බන්ධයෙන් කටයුතු කිරිම.
- මෙහෙකාර සේවයේ යෙදෙන දරුවන් සම්බධයෙන් කම්කරු දෙපාර්තමේන්තුව, පොලීසිය සමඟ එක්ව කටයුතු කිරිම.
- අධිකරණය යොමුකරන පවුල් ආරවුල් හා නඩත්තු නඩු සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා අධිකරණයට සැපයිම.
- ළමා අපචාර, අපයෝජන, ගෘහස්ථ ප්රචණ්ඩත්වය, මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් ප්‍රජාව, පාසල් දරුවන්, ප්‍රජා නායකයින් දැනුවත් කිරිම.
- යුනිසෙෆ් හා ප්ලැන් ශ්‍රී ලංකා ආයතන දෙපාර්තමේන්තුව යටතේ කරනු ලබන වැඩසටහන් පැවැත්වීම.