කාර්‍යභාරය


  1. ඌව පළාතේ ජීවත්වන අනාථ, අසරණ, අත්හල තත්ත්වයන්ට පත්වන දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම හා රැකවරණය වෙනුවෙන් නෛතික කටයුතු සඳහා අවශ්‍ය වාර්තා සැපයීම.
  2. ඔවුන්ගේ භාරකාරීත්වය පිළිබඳ තිරණ ගැනීම හා දරුවන් හදාවඩා ගැනීම සම්බන්ධ නෛතික කටයුතු සිදු කිරීම.
  3. ඌව පළාත තුළ ස්ථාපිත කර ඇති සියළු රජයේ හා ස්වේඡා ළමා නිවාසවල රැකවරණය ලබන දරුවන්ගේ සුභසාධන කටයුතු සිදු කිරීම හා එම දරුවන් පාසල් ගත කිරීම.
  4. දිගු කාලීනව පාසල් නොගිය දරුවන්ගේ අනාගත සුරක්ෂිතභාවය උදෙසා ඔවුන් වෘත්තීය පුහුණු අධ්‍යාපන පාඨමාලාවලට යොමු කිරීම හා රැකියා ගත කිරීම.
  5. අනාථ, අත්හල, අසරණ දරුවන් පත්ව ඇති අයහපත් මානසික වාතාවරණයන්ගෙන් ඔවුන් මුදවා ගැනීමටත් ඔවුන් තුළ ප්‍රශස්ත මට්ටමින් මානසික සංවර්ධනයක් හා පෞරුෂ වර්ධනයක්ඇති කර එකී දරුවන් යහපත් පුරවැසියන් වශයෙන් සමාජගත කිරීමටත් හැකිවන අයුරින් මෙම දරුවන්ගේ සහභාගිත්වයෙන් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  6. අනාථ, අත්හල, අසරණ දරුවන්ගේ අයිතිවාසිකම් සුරකමින් ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම.
  7. ළමා නිවාසවලට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකිරීම.
  8. දරුවන්ගේ නේවාසිකාගාර වල ඉඩකඩ පහසුකම් වැඩි කිරීම, වෘත්තිය පුහුණු හා අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය ගොඩනැගිලි පහසුකම් වැඩි දියුණු කිරීම.
  9. දරුවන් සුරක්ෂිත කිරීමට රැඳවුම් නිවාසවල හා ළමා සංවර්ධන මධ්‍යස්ථානවල ආරක්ෂාව තහවුරු වන අයුරින් එකී පරිශ්‍රයන් වටා ආරක්ෂිත තාප්ප හා කම්බි වැටවල් ඉදි කිරීම් පිළිබඳ කටයුතු.
  10. නිවාසගත දරුවන්ගේ තෘප්තිමත්භාවය හා අන්‍යොන්‍ය සුහදතාවය වර්ධනය කිරීම සඳහා සිංහල හා හින්දු අවුරුදු උත්සවය සැමරීම.
  11. විශ්ව ළමා දින වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන් සංවිධානය කර කිරීම.
  12. ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  13. නිපුණතා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
  14. දරුවන්ට අවශ්‍ය ආහාර, ඖෂධ හා ඇදුම් පැළඳුම් වැනි සුභසාධන පහසුකම් ලබා දීම.
  15. පවුල් පරිසරය බිඳවැටීමකට ලක් වීම මත දරුවන් අනාරක්ෂිත වූ අවස්ථාවන්හි දි එවැනි පවුල්  සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය උපදේශන සේවා සැපයීම හා අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කිරීම.
  16. පළාතේ සිදු වන ළමා හිංසනය, ළමා අපචාර ආදිය අවම කර ගැනීම සඳහා වැඩිහිටි ප්‍රජාව, පාසල් දරුවන් , වතු ප්‍රජාව දැනුවත් කිරීම, ත්‍රිරෝද රථ රියදුරන් හා ලැගුම්හල් හිමිකරුවන් ආදී පිරිස් දැනුවත් කිරීම.
  17. පළාතේ සිටින ළමා සංවර්ධන මධ්‍යස්ථානගත වීමේ අවධානමක් සහිත පවුල් හඳුනාගෙන තෝරා ගත් පවුල් සඳහා උපදේශන සේවා, නිවාස ආධාර, ස්වයංරැකියා ආධාර හා වෛද්‍යාධාර ලබාදිම.