අපගැන


දැක්ම

සතුට, සුවය හා ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඌව පළාත තුළ ඇති කිරීම

මෙහෙවර

ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරිම හා සමාන අවස්ථාව ලබාදිම තුළින් දරුවන් සඳහා දිප්තිමත් අනාගතයක් සහතික කරමින් සතුට, සුවය, ආරක්ෂාව සපිරි දරු පරපුරක් ඇති කිරීම හා ඔවුන් ඌව පළාතේ සංවර්ධනයට දායක කර ගැනීම.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවේ අරමුණු

  1. ඌව පළාත තුළ වෙසෙන අනාථ, අත්හල, අසරණ දරුවන්ගේ සුරක්ෂිතභාවය හා ආරක්ෂාව තහවුරු කිරීමට දෙපාර්තමේන්තුව මැදිහත් විම.
  2. නෛතික ගැටළුවලට ලක් වු දරුවන් සඳහා උපදේශන සේවාවන් ලබා දිම.
  3. දරුවන්ගේ අධ්‍යාපන හා සුභ සාධන කටයුතු පවත්වා ගෙන යාම.
  4. වාර්ෂික සංවර්ධන සැළසුම් සකස් කිරීම.
  5. වාර්ෂික ක්‍රියාත්මක සැළසුම් මෙහෙයවීම.
  6. කාලානුරූපව මූල්‍ය තොරතුරු සකස් කිරීම හා ඉදිරිපත් කිරීම.
  7. මනා අභ්‍යන්තර මෙහෙයුම් ක්‍රමයක් ඇති කිරීම හා පාලනය කිරීම.
  8. දෙපාර්තමේන්තුව සතු වත්කම් ආරක්ෂා කිරීම.
  9. සේවක අභිප්‍රේරණය.
  10. දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය කිරීම.
  11. දරුවන් වෙනුවෙන් වාර්ෂිකව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. (විශ්ව ළමාදින සැමරුම් උත්සවය, සිංහල හා හින්දු අළුත් අවුරුදු උත්සවය, වාර්ෂික ක්‍රීඩා උත්සවය)

13 වන ආණ්ඩුක‍්‍රම සංශෝධනය අනුව 1989 වර්ෂයේ පළාත් සභා ස්ථාපිත වීමත් සමග ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී. ඒ අනුව එතෙක් මධ්‍යම ආණ්ඩුව යටතේ වූ පරිවාස හා ළමාරක්ෂක සේවා විෂය පිළිබඳ බලතල ඌව පළාත් සභාව වෙත විමධ්‍යගත කරන ලදී. ඒ අනුව මුල් වකවානුවේ පරිපාලන බලතල පමණක් ලබා දුන් අතර ක‍්‍රමිකව මූල්‍ය බලතල ද පවරා දෙන ලදී. මේ වන විට ඌව පළාත් සභාව තුළ පරිවාස හා ළමාරක්ෂක විෂය පිළිබඳ පුළුල් බලතල ඌව පළාත් පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් විසින් දරනු ඇත.

ඉදිරි ඉලක්ක

  1. ආයතනගත දරුවන්ගේ සුභ සාධන කටයුතු සඳහා පවත්නා සියලු ආයතන පරිශ්‍රයන් ළමා හිතකාමි ආකාරයට සකස් කිරිම.
  2. ආයතගත වන දරුවන් සංඛ්‍යාව අවම කිරිම.
  3. විකල්ප රැකවරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරිම.
  4. ආයතනගතව සිටින දරුවන් සඳහා වෘත්තිය පුහුණු වැඩසටහන් සාම්ප්‍රදායික නොවන හා නවෝත්පාදන වෘත්තීය පුහුණු පාඨමාලා හඳුන්වා දීම.
  5. ආයතනගත දරුවන්ගේ සුභසාධන පහසුකම් ප්‍රමාණවත් පරිදි ලබා දිම.
  6. දෙපාර්තමේන්තුව සඳහා අනුමත සේවක සංඛ්‍යාව තුළ ප්‍රමාණවත් කාර්ය මණ්ඩලයක් බඳවා ගැනිම.
  7. දරුවන් කුලවැද්දීම සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබා දිම.
  8. ළමා නිවාසවල පවතින තදබදය අවම කිරීම සඳහා දරුවන් සමාජගත කිරීමේ වැඩපිළිවෙල කඩිනම් කිරීම.
  9. පරිවාස කාර්යාල මගින් ළමා අයිතිවාසිකම් සුරැකීමට අදාළව මහජනතාව දැනුවත් කිරීම.
  10. අනාරක්ෂිත දරුවන් සිටින අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස අළුත්වැඩියාව සහ ස්වයං රැකියා වැඩසටහන් සඳහා ආධාර මුදල් ලබා දීම.